ව්‍යාපාර පදනම

 ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන ඔනෑම කටයුත්තක් ඉටුකරන කි‍්‍රයාවලියක් ලෙස හැදින්විය හැකිය. ඇත අතිතයෙ සිට මේ දක්වා මිනිසා උවමනාවන් ඉටුකරගත් ආකාරය පිලිබදව විඑසා බැලිමේදි අපට පැහැදිලි වන කරුණක් නම් උවමනාවන් පුළුල්වීමත් සමගම ව්‍යාපාර කී‍්‍රයාවලියද පුළුල්වී ඇති බවයි. ඇත අතිතයෙදි මිනිසා තම උවමනාවන් තමා විසින්ම ඉටුකරත්හ. මෙම යුගයේ මිනිසා ගතකලේ ඉතා සරල ජිවිතයකි. මුලික අවශ්‍යතා සපුරා ගනිමින් ජිවත්වු මිනිසා ක‍්‍රමයෙන සංකීර්ණ තත්වයට පත්වීය.

තම පවුලේ අවශ්‍යතා සදහා පමණක් නිපදවීමට එකල මිනිසුන් පුරුදුව සිටියහ. තම යැපිම සදහා පමණක් නිපදවිම සෘජු නිෂ්පාදන ලෙස හැදින්වේ. මෙම තත්වය කල් ගතවත්ම වෙනස් විය ඉට බලපැ සාදක වශයෙන් ජනගහණය වැඩිවිමත් එකම නිෂ්පාදන කාර්යක නිරතවීම තුලින් ලැබු අත්දැකිම් මත තම නිෂ්පාදන වැඩිකර ගැනිමට ඔවුන් යොමු වීමත්ය. අතිරික්ත නිෂ්පාදන හුවමාරු  කරගැනිමට මිනිසුන් පුරුදු වුහ. මෙමගින් වෙළදපොල ක‍්‍රමයක් බිහිවිය. වෙළදපොල ක‍්‍රමය බිහිවිමට හෙතු සාධක වුයේ අතිරික්ත බිහිවිමයි. වෙළදපොල ක‍්‍රමය ඇතිවිමත් සමග සංවිධානාත්මක නිපදවිමක් වෙත යොමු විය. ඒ අනුව භාණ්ඩයකට භාණ්ඩයක් හුවමරු කරගැනිමේ කි‍්‍රයාවලියට මෙම නිමැවුම් යොමු විය. මෙය බාටා ක‍්‍රමය ලෙස හැදින්වේ. අතිරික්ත නිෂ්පාදන කෙරෙහි යොමුවීමත් භාණ්ඩ හුවමාරු ක‍්‍රමය අනුගමනය කිරිමත් ව්‍යාපාර ඇතිවිම සදහා පදනම සකස්විය භාණ්ඩ හුවමාරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වීමේදි විවිධ ගැටලූ පැණ නැගිනි.

1  වුවමනාවන්  අතර අන්තර් සබදතා නොතිබිම.

2  කුඩා කොටස්වලට වෙන්කල නොහැකිවිම.

3  හුවමාරු වන භාණ්ඩ වර්ගවල වටිනාකම් සමාන නොවිම.

4  ගබඩා කිරිමේ අපහසුව.

මෙම ගැටලූ විසදා ගැනිම සදහා භාණ්ඩ හුවමාරුව සදහා අතර මැදි මාධ්‍යක අවශ්‍යතාව ඉස්මතුවන්නට විය. හුවමාරු මාධ්‍යයන් ලෙස සිප්පි කටුල ඇත් දලල ලොහ කැබලිල මුතු මැණික් ආදි විවිධ දේ යොදාගත් අතර පිලිගත හැකි මාධ්‍යයක් ලෙස මුදල් බාවිතයට පැමිණියේ ඉට පසුවය. මුදල් බාවිතයත්  සමග වෙළදපොල භ‍්‍රමණය වර්ධනය විය.


 ව්‍යාපාර බිහිවි ඇත්තේ මිනිස් වුවමනා හා අවශ්‍යතා ඉටුකර දිම සදහාය ව්‍යාපාර කි්‍රයාත්මක විමෙදි අවධාවමක් සහිතව ක්‍රියාත්මක වේග ව්‍යාපාරික කාර්යයක නිරතවිම අවධානම් බාරගැනිමක් ලෙෂ දැක්විය හැකියග    මිනිස් අවශ්‍යතා  හා වුවමනා ඉටුකරලිම සදහා භාණ්ඩ හා සේවා නිර්මාණය කිරිම(නිපදවිම- කළ යුතුයග භාණ්ඩ නිර්මාණය කිරිම සදහා ව්‍යාපාරිකයා තම කාලය මෙන්ම මුදල්ද කැප කල යුතුයග මෙම කැපකිරිමට සාපෙඬව ඉපයිමක් කල හැකිද නැද්ද යන්න අවධානම් සහගතය එසේ නැතහොත් ලාබ ලැබිය හැකිද පාඩු ලැබිමට සිදු වේද නිශ්චිතවම සදහන් කල නොහැකග



ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සදහා න්‍යායාත්මක මෙන්ම ප‍්‍රායොගික දැනුමද අවශ්‍ය වේග ව්‍යාපාරික කාර්යයන් හිදි භාණ්ඩ හා සේවා නිපදවිම සදහා නිෂ්පාදන සාදක යොදාගනිග නිෂ්පාදනය යනු කර්මාන්ත හා වාණිජ කටයුතුයග නිෂ්පාදන සාධක යෙදවුම් ලෙස යොදාගෙන නිමැවුම :භාණ්ඩ හා සෙවා* ලබාගනිග ව්‍යාපාරික කාර්යයන් හිදි අවසාන ප‍්‍රතිථලය නිෂ්පාදිතයක් වෙළදපොලට පැමිනිමයිග මෙහිදි ව්‍යාපාරික කටයුතු සදහා බලපාන සාදක පිලිබදව අවබොධයක් ලබාගත යුතුය ව්‍යාපාර කෙරේහි බලපාන සාදක ව්‍යාපාර පරිසරය ලෙස හැදින්වෙ මෙය අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් 2කිග ව්‍යාපාර ආයතනයට පාලනය කල හැකි සාධක ඇතුලත් පරිසරය අභ්‍යන්තර පරිසරයයිග ව්‍යාපාර ආයතනයට පාලනය කල නොහැකි  සාදක ඇතුලත්  පරිසරය බාහිර පරිසරයයිග ත්‍යදවුම් නිමැවුම් ක‍්‍රියාවලිය හා ව්‍යාපාර පරිසරය අරමුණු ඉටුකර ගැනිම සදහා යොමු කිරිමේ කාර්යය කලමණාකරණයයිග සාර්ථක ව්‍යාපාරයක්  සදහා ව්‍යාපාර ක‍්‍රියාත්මක විමේ සොබාවය පිලිබදව අවබොධයක් ලබා තිබිම වැදගත්ෙවිග ව්‍යාපාරක් පවත්වාගෙන යාමෙදි ඒ සදහා උණන්දුවක්  දක්වන පාර්ශවයන්ද දැකිය හැකියග

ව්‍යාපාරයක මෙම සියලූම කාර්යයන් ලාබ උපරිම  කරගැනිම වෙනුවෙන් මෙහෙය විමෙදි කළමණාකරණය අංශ කිපයක් යටතේ ඉහල සිට පහලට බෙදා වෙන්කර දක්වා ඇත ග කලමණාකරුවන්ට පැවරෙන කාර්යයන් සහ බලතල අනුව ඉහල සිට පහලට වෙන්කර දක්වා ඇත ග 


ඉහත සදහන් සටහනේ දක්වා ඇති සාදක සියල්ල එකට ක‍්‍රියාත්මකවේ එක් එක් සාධකය අතර සම්බන්ධතාවයක් පවතිනවා සේම එකක් අනෙක මත යැපෙ එමනිසා එක් සාධකයක් පිලිබදව ගන්නා තිරණ සමස්ථ කි‍්‍රයාවලිය කෙරෙහිම බලපැමක් ඇතිකරයිග සාර්ථක  ව්‍යාපාර තුලින් පහත සදහන් කරුණුද ඉටුවිය යුතුයග

1    වටිනාකම් සැපයිම  හෙවත් ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට සැපයිමග
2    නිර්මාණ හා නවයතා දිරිගැන්වීමග
3    ගණුදෙනු කරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලිමග
4    මුල්‍ය කාර්ය සාධනය ලගාකර ගැනිමග
5    සේවක කැපවිම ලභාගැනිමග

 මෙම සාධකවලට අමතරව ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව වලට ප‍්‍රතිලාභ ලබාදිම සිදුකල යුතුයග ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව නොමැතිව ව්‍යාපාරවලට පැවතිය නොහැකග
 අග‍්‍ර කලමණාකරණය විසින් ව්‍යාපාර කෙරෙහි වුනන්දුවක්  දක්වන පාර්ශව කෙරෙහි අභ්‍යන්තර හා බාහිර පරිසර කෙරෙහි සැලකිලිමත් ව්‍යයුතුයග ඒ අනුව ව්‍යාපාරය සතු ශක්තින් දුර්වලතා අවස්ථා හා තර්ජන පිලිබදව හදුනා ගත යුතුයග ඒ අනුව අග‍්‍ර කලමණාකරුවන් විසින් ගන්නා තීරන මත ව්‍යාපාරවල අනාගත ගමන් මග තිරණය කෙරේග ඔමෙන්ම ව්‍යාපාරයෙ දැක්ම සහ මෙහෙවර ප‍්‍රකාශය අග‍්‍ර කලමණාකරුවන් විසින් සකස් කරයිග ඉන් පසුව ව්‍යාපාර කටයුතු පරමාර්ථ සහ එවා ලගා කරගැනිමට  අවශ්‍ය උපාය මාර්ග උග‍්‍ර කලමණාකරණය තිරණය කරයිග මධ්‍ය කලමණාකරුවන්ගේ කාර්ය වනුයේ අග‍්‍ර කලමණාකරණය විසින්් ගනුලබන  තිරන  සහ උපාය මර්ග සාර්ථක කරගැනිමට සහය විමයිග ඒ ඒ අංශයේ සේවකයින් කටයුතු පරික්‍ෂාකර බැලිම පලමුපෙල කලමණාකරුවන් වර්ග 3ම වලකිම සමස්ථ ව්‍යාපාරයම කලමණාකරණය කිරිමයිග


ව්‍යාපාර වර්ධනය
 ව්‍යාපාරවල ව්‍යාප්තිය විවිධ කලඡු්ඡෙද වලට බෙදා වෙන්කර ඇතගමේ යටතේ කෘෂිකාර්මික යුගය කාර්මික යුගය හා තොරතුරු න\තාක්‍ෂණික යුගය වැදගත්කොට සැලකිය හැකග කෘෂිකාර්මික යුගයෙදි ස්වයංපොෂිත ආර්ථික ක‍්‍රමයක් පැවති බව සදහන් වේග මෙම  යුගයෙදි මිනිසාගේ උවමනා සහ අවශ්‍යතා ඉටුකර ගැනිම සදහා සෘජු නිෂ්පාදන බිහිවිය පසුව භාණ්ඩ හුවමාරු ක‍්‍රමය සමග වෙලදාම බිහිවිය මෙම කාල පරිඡු්ඡේදයෙදි වෙලදාම වර්ධනය සදහා හුවමාරු මාර්ගයක් ලෙස මුදල් භාවිතයට පැමිණිම ප‍්‍රබල සාධකයක් විය කාසි හා නොට්ටු භාවිතයත් නයපත් හරපත් සහා විද්‍යුත් මුදල් භාවිතයත් සමග මුදලේ විකාශනය සිදුවි ඇතග වෙලදාම පවත්වාගෙන යාමෙදි එහි වර්ධනය සදහා බැංකු රක්ෂණය ප‍්‍රවාහනය ගබඩා සංනිවෙදනය වැනි උපකාරක සේවාවන් අරම්භකර  එය ව්‍යාප්ත විම තුලින් වෙලදාම පවත්වාගෙන යාම සදහා පැවති ගැටලූ බොහොමයක් නිරාකරණය වියග උපකාරක සෙවාවන් හා වෙලදාමේ එකතුව වාණිජය ලෙස දැක්විය හැක



 18වන සියවද අග බාගයෙදි යුරොපිය රටවල ඇතිවු කාර්මික විප්ලවය නිසා වාණිජ කටයුතු සිඝ‍්‍රලෙස වර්ධනය විය නව නිපැයුම් නිසා ගෘහමය වශයෙන් සදුකල නිෂ්පාදන ක‍්‍රමය අහොසිවි කම්හල් නිෂ්පාදන ක‍්‍රමය අරම්භ විය නවින යන්ත‍්‍ර උපකරණ හා තාක්‍ෂණික ක‍්‍රම උපයොගි කරගෙන මහා පරිමාණ කර්මාන්ත බිහිවිය මෙ අනුව දෙශිය හා විදේශිය වෙලදපොල වර්ධනය වෙගවත් කලෙය වෙලදපොල මුල්කරගෙන නිෂ්පාදන සිදුකිරිම වක‍්‍රනිෂ්පාදන ලෙෂ හැදින්වේ





තොරතුරු තාක්‍ෂණය හා ඩිජිටල් තාක්‍ෂණය(Digital) නිසා භාණ්ඩ  හා සෙවා විවිධත්වයකින් නිර්මාණශිලිව ඉදිරිපත් කිරිමට හැකියාව ලැබි ඇතමෙම තාක්‍ෂනික ක‍්‍රම නිසා ව්‍යාපාර ශ්‍රේෂ්ත‍්‍රයේ වෙගවත් සංවර්ධනක්  සිදුව ඇත වර්තමානයෙ අන්තර්ජාලය තුලින් ඉදිරිපත් කරන වෙබ් අඩවි නිසා ව්‍යාපාරිකයා හා පාරිභොගිලයා අතර දුරස්ථභාවය අඩුවි ඇත අන්තර්ජාලය හරහා ගණුදෙනු සිදුකිරිමේ හරකියාව ඇති බැවින් වර්ථමාන වෙලදපොල අවකාශයක් බවට පරිවර්ථන වි ඇත සියලූම කර්මාන්ත හා වාණිජ ව්‍යාපාර ලෙෂ හැදින්විය හැක මෙ අනුව සමස්ථ ව්‍යාපාර පහත සටහනේන් දැක්විය හැක 



ව්‍යාපාර කටයුතු මිනිසාගේ ආර්ථික සමාජිය හා තාක්‍ෂණික දයුණුවත් සමග ඇතිවන නව අදහස් නව ක‍්‍රම නව ද්‍රව්‍ය නව සෙවා යනාදි සමග සීඝ‍්‍ර වර්ධනයක් සිදුවේ කර්මාන්ත වෙලදාම උපකාරක සෙවා  සියල්ල ව්‍යාපාර ලෙෂ හැදින්විය හැකිය ව්‍යාපාරවල සාර්ථකත්වය සදහා වර්ථමානයෙ නිෂිපාදනයට පෙර සහ අලොවියෙන් පසු තත්වයන් පිලිබදවද සැලකිලිමත් වේ ව්‍යාපාරවල අපෙක්ෂාව පාරිබොගිකයාගේ උවමනාව හා අවශ්‍යතාව ඉටුකරලිම උවත් වර්තමානයෙ වයාපාරිකයින් පරිබොගිකයා අපෙක්ෂාවට වඩා වැඩි තෘප්තියක් ලබාදිමට යොමුවි ඇත

ව්‍යාපාර විශය පථය
 ඕනෑම ව්‍යාපාරයක පදනම වන්නේ මිනිසාගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලිමයි මිනිසාගේ  උවමනා  නිසා  ඉල්ලූම ජනිත වන අතර ඉල්ලූම සපුරාලිමට නිෂ්පාදිත සැපයිම සිදුකරණු ලැබේ මෙම කි‍්‍රයාවලිය තුලින් වෙලදපොල ව්‍යාප්ත වී ඇත මේ අනුව ව්‍යාපාර අධ්‍යනයෙදි හදුනා ගතයුතු මුලික සංකල්පයන් ලෙස අවශ්‍යතාල උවමනාල ඉල්ලූමල නිෂ්පාදිතල වටිනාකම්ල තෘප්තියල හුවමාරුවල ගණුදෙනු සහ වෙලදපොලයි

අවශ්‍යතා හා වුවමනා
සැම පුද්ගලයකුටම ජිවිත පැවැත්ම සදහා ඉටුකර ගත හැකි මුලික කාර්යයන් 4ක් ඇති බව දැක්වේ මෙම කාර්යයන් මිනිසාගේ  මුලික අවශ්‍යතාවයන්  ලෙෂ හැදින්වේ


1    ආහාර
2    උැදුම්
3    ජලය
4    නිවාස


        මිනිසාගේ මුලික අවශ්‍යතාවයන්ට අමතරව තවත් අවශ්‍යතාවයන් ඇති බව විවිධ මනොවිද්‍යාඥයන් විසින් පෙන්වා දි ඇත එම  අවශ්‍යතාවයන් අනුව අවශ්‍යතා දුරාවලියක් ලෙස එබ‍්‍රහම් මාස්ං නම් මනොවිද්‍යඥයා විග‍්‍රහකර ඇත ඔහු විස්තර කරන අන්දමට මිනිසා  එක් අවශ්‍යතාවයක් ඉටු කරගත් පසු තවත් අවශ්‍යතාවයක් සදහා යොමුවන ආකාරය යම් අවස්ථාවකට අනුව සිදුවන බව දක්වා ඇත මෙම පෙලගැස්ම අවශ්‍යතා දුරාවලියක් ලෙෂ හදුන්වන්නේ එම නිසාය


1    භෞතික අවශ්‍යතා
               ආහාර ඇදුම් පැලදුම්
2    සමාජිය අවශ්‍යතා
               ආදරය අයිතිවාසිකම්
3    මමත් අවශ්‍යතා
               පිලිගැනිම
4    ආත්ම පරිපුරක අවශ්‍යතා
               සමාජයෙ කැපිපෙනිම


  ඉහත දැක්වු අවශ්‍යතා දුරාවලියෙදි සදහන් කරුණු තෘප්තිමත් කරදිම ව්‍යාපාර කටයුතුවල ඉලක්ක සදහා යොමුවිම ආර්ථික කටයුතු ලෙෂ හදුන්වයි එම නිසා මිනිසාද ආර්ථික සත්වයකි 
 අවශ්‍යතාවයන් පිලිබදව තවත් වැදගත් අදහසක් ඉදිරිපත්කල පුද්ගලයකු ලෙස  අලොවිකරණය පිලිබද විශේෂඥයකු වු පිලිප් කොට්ලන් ලෙස හැදින්විය හැක ඹහු අවශ්‍යතා පිලිබදව පහත නිර්වචනය සිදුකර ඇත

3 comments: