රජය හා ව්‍යාපාර

ඕනැම රටක ආර්ථික සමාජමය දේශපාලන සංධායකයාවනනේ එරට පවතින රජ්‍යයි රටෙහි ක‍්‍රියාකාරිත්වය සිදුවියයුතු ආකාරය තිරණය කරන්නේ රජය විසිනි මෙ සදහා රජය ප‍්‍රතිපත්තින් යොදා ගනු ලැබේ  ඕනැම රටක ආර්ථිකය මෙහෙයවන බලවේගය වන්නේ ව්‍යාපාරික අංශයයි මේ නිසා  රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය තිබිය යුතුය ලොකයෙ ක‍්‍රියාත්මකවන  ආර්ථක‍්‍රම නිදහස් වෙලදපොල අර්ථක‍්‍රම හා සමාජවාදි අර්ථක‍්‍රම වශයෙන් කොටස් 2කි නිදහස් වෙලදපොල අර්ථක‍්‍රමය තුල ව්‍යාපාර සදහා රජය මැදිහත් විම ඉතා සුළු වශයෙන් සිදුවේ සමාජවාදි ආර්ථක‍්‍රමය තුල රාජ්‍ය මැදිහත්විම ප‍්‍රබලය ලොකයෙ බොහො රටවල කි‍්‍රයාත්මක වන්නේ මිශ‍්‍ර ආර්ථක‍්‍රමයයි  මෙවා තුල නිදහස් වෙලදපොලක‍්‍රමය ක‍්‍රියාත්මකවේ මිශ‍්‍ර අර්ථ ක‍්‍රමය තුල ව්‍යාපාර සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයිම රජය විසින් සිදුකරණු ලැබේ නිතිරිති සම්පාදනය කිරිම රජය විසින් සිදුකරන අතර ව්‍යාපාර විසින් රජයට බදු ගෙවිම සිදු කරයි ආර්ථික හා සමාජ සංවර්ධනයට ව්‍යාපාර අංශය දායක කරගැනිම රජයෙ කාර්ය බාර්යයි මේ සදහා රජය හා ව්‍යාපාර අතර අනොන්‍ය සම්ලන්ධතාවයක් පවත්වාගෙන යායුතුය

රජය ව්‍යාපාරවලට බලපැම් කරන ආකාරය
සැම රජයක් විසින්ම තම ඉලක්ක සපුරා ගැනිම සදහා කටයුතුකිරිමෙදි ව්‍යාපාරවල සහය ප‍්‍රබලව අපෙක්‍ෂා කරයි රජය අපෙක්‍ෂාකරන පරමාර්ථ සපුරා ගැනිමට ව්‍යාපාරවලට අවශ්‍ය ශක්තිය ලබාදිමකත් සුදුසු පරිසරයක් නිර්මානය කරදිමත් අවශ්‍ය නිතිරිති  රාමුවක් සකස් කරදිමත් සිදුකරණු ලැබේ රටක ප‍්‍රධාන සංවිධානයනය රජය බැවින් එම රටෙ සියලූ බලතල ආැත්තේ රජය සතුය ව්‍යාපාරවල කටයුතු අවශ්‍ය දිශාවට හරවා ගැනිම සදහා පහත සදහන් ආකාරයෙන් ව්‍යාපාරවලට බලපැම් ඇතිකරණු ලැබේ


1        ගණුදෙණු කරුවෙකු වශයෙන් බලපැම
2     තරගකරුවෙකු වශයෙන් රජයෙ බලපැම
3     නියාමකයකු වශයෙන් රජයෙ බලපැම
4     දිරිගැන්විම් සපයන්නෙකු බෙස රජයේ බලපැම
5     යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සෙවා සපයන්නේකු ලෙෂ රජයෙ බලපැම
6    බදු අයකරණ නියොජිතයකු ලෙෂ රජයේ බලපැම
7     ප‍්‍රතිපත්ති සම්පාදනයකු ලෙෂ රජයෙ බලපැම

  මුල්‍ය ප‍්‍රතිපත්ති
         රටක මුල්‍ය ප‍්‍රතිපත්තිය මුදල් සැපයුම හා සෘජුවම සම්බන්දවේ මුදල් සැපයුම ලෙෂ හදුන්වන්නේ යම් කාලව්ඡේදයක් තුල ආර්ථිකය ෂතු ව්‍යදම්කල හැකි මුදල් ප‍්‍රමාණයයි ආර්ථිකය ෂතුමුදල් මහජනතාව හා රජය ෂතුව පවති මෙවා කාසි හා නොට්ටු  ස්ථාවර තැන්පත් ගිණුම්ල ඉතිරිකිරිමෙ තැන්පත් ගිණුම්ල ජංගම තැන්පත් ගිණුම් වශයෙන් පවති ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් මෙම මුදල් ඵ1ල ඵ2ල ඵ3 ආදි වශයෙන් වර්ග කල හැකිය රටක මුදල් සැපයුම පාලනය කිරිම රජයෙ වගකිමකි රජය වෙනුවෙන්  මෙම කාර්යය ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් ඉටු කරණුලැබේ මැදල්  සැපයුම පාලනය සදහා මහ බැංකුව යොදා ගන්නා ප‍්‍රධානතම උපකරණය වන්නේ පොලි අනුපාතයයි මිට අමතරව පහත සදහන් උපකරණ බාවිතා කරණු ලැබේ
                
1     සංව්ත අවශ්‍යතා වෙනස් කිරිම
2     වට්ටම් අනුපාත වෙනස් කිරිම
3     විවෘත වෙලදපොල කාර්යය
4     තොරාගත් නය පාලනක‍්‍රම
 


ෆිස්කල් ප‍්‍රතිපත්‍ය
  ඍජය විසින් සකස් කරන ෆිස්කල් ප‍්‍රතිපත්‍ය මගින් පැහැදිලි කරන්නේ යම් කාලච්ඡේදයක් තුල සමස්ථ රාජ්‍ය ව්‍යදම සහා රාජ්‍ය ආදායම පිබදවය රාජ්‍ය ව්‍යදම් සැලකිමෙදි මධ්‍යම රජය විසින් වැයකරන මුදල් පලාත්සභාවලින් වැයකරන මුදල් ප‍්‍රාදේශිය සබාවලින් වැය කරන මුදල් සැලකිල්ලට ගනි මිට අමතරව ආරක්‍ෂක සෙවා සමාජ සේවා අධ්‍යාපනය සෞඛ්‍යය ගමනාගමනය සදහා විශාල මුදලක් වැයකරයි රාජ්‍ය ආදයම් අංශයෙන් මුලික අවධානය යොමුකරන්නේ බදු ආදායම කෙරෙහිය රාජය විසින් අය කරන බදු වැඩිකල යුතු අංශ මොනවාද අඩු කලයුතු අංශ මොනවාද යන්න පිලිබදව අවධානය යොමුකරයි රාජ්‍ය ආදායම්  සහ ව්‍යදම් පිලිබදව විග‍්‍රහය සිදුකරණු ලබන්නේ වාර්ශික අයවැය ලෙඛණය තුලයි අයවැය ලේඛණයෙහි අයවැය හිගය පියවාගන්නා ආකාරය පාරිභොගකියාට ව්‍යාපාරිකයාටත් පොදුවේ ආර්ථිකයටත් විවිධ බලපැම් සිදුකරයි

රාජ්‍ය ආදායම් රැුස්කිරිමේ ප‍්‍රධාන ආයතන
   ශ‍්‍රිලංකා රජයෙ රාජ්‍ය ආධායම තුල ප‍්‍රධානම ආදායම් මාර්ගය වන්නේ බදු අයකිරිමයි මිට අමතරව විවිධ ගාස්තු අයකිරිමද සිදුකරයි 


1     දේශිය ආදායම් දෙපාර්තමෙන්තුව
2    සුරාබදු දෙපාර්තමෙන්තුව
3    රෙගු දෙපාර්තමෙන්තුව
4    මොටර් රථ වාහන දෙපාර්තමෙන්තුව
5    පලාත් සභා හා පලාත් පාලන ආයතන

   බදු වර්ග
     ශ‍්‍රි ලංකාවේ ජාතික අදායම් තුල වැඩිම ප‍්‍රමාණයක් නියොජනය වන්නේ බදු අයකිරිම මගිනි විවිධ දෙපාර්තමෙන්තුවලින් අයකරන බදු මුලික වශයෙන් වර්ග 2 අයත්වේ   


1    සෘජු බදු
        බද්ද ගෙවන පුද්ගලයාම බද්දේ බර දරන්නේ නම් එය සෘජු බද්ද ලෙස හැදින්වෙ


2    වක‍්‍ර බද්ද
       බද්ද ගෙවන පුද්ගලයා එම බදු ප‍්‍රමානය වෙනත් පාර්ශව වෙත පවරන්නේ නම් එවැනි බදු වක‍්‍ර බදු වේ බද්ද ගෙවන පුද්ගලයාට එම බදු ප‍්‍රමාණය වෙනත් කෙනෙකුට විතැන් කල හැක


         අනුක‍්‍රමික බදු
        බද්දට යටත්වන ආදායම් වැඩිවන විට අයකරන බදු ප‍්‍රතිශතයද වැඩිවන අිකාරයට ක‍්‍රියාත්මක වන බදු අනුක‍්‍රමික බදු වේ


        අනුපුරක බදු
        පරිභොජනය ආදර්ශමත් කිරිම සදහා ක‍්‍රියාත්මකවන බදු අයකිරිම නිසා භාණ්ඩවල මිල ඉහල යැමක් සිදුවේ


        අනුපාතික බදු
        පුද්ගලයකුගේ ආදායමෙන් ස්ථාවර ප‍්‍රමාණයක් බදු වශයෙන් අය කරන්නේ නම් එවා අනුපාතික බදු වශයෙන් හැදින්වෙ පුද්ගල ආදායම අඩු වැඩි විම මත අයකරන බදු ප‍්‍රමාණය වෙනස් නොවේ
  ව්‍යාපාර සදහා රජයෙ අනුග‍්‍රහය 

  
     රටෙහි ආර්ථික කි‍්‍රයාවලිය පවත්වාගෙන යාම සදහා රජය ඇතිකරගන්නා ප‍්‍රතිපත්ති කි5යාවට නැංවිම ව්‍යාපාර හරහා සිදු කරණු ලැබේ මේ සදහා  රජය විසින් ව්‍යාපාරවල පැවැත්ම සහ  සංවර්ධනය සදහා විවිධ ආකාරයෙන් අනුග‍්‍රහයක් දක්වයි ව්‍යාපාර ආයතන වල නිෂ්පාදනය තාක්‍ෂණය ගුණාත්මක පාලනය ව්‍යාපාර සැලසුම් කරණය යන විවිධ ශ්‍රේෂ්ත‍්‍ර සදහා උපදෙස් ලබාදිම සිදු කරණු ලැබේ මේ සදහා රාජ්‍ය ආයතන කිපයක් පිහිටුවා ඇත


1    වෙලද හා පාරිභොගික කටයුතු අමාත්‍යංශය
2    අභ්‍යන්තර වෙලද දෙපාර්තමෙන්තුව
3    ආනයන අපනයන සංවර්ධන මණ්ඩලය
4    කාර්මික සංවර්ධන මණ්ඩලය
5    කාර්මික තාක්‍ෂණ ආයතනය 


ව්‍යාපාර කටයුතු පවත්වාගෙනයාමෙදි වෙලදපොල පිලිබදව සංඛ්‍යාත්මක තොරතුරු ලබාදිමද රජය කටයුතු කරණු ලැබේ මේ සදහා වු සංඛාත්මක තොරතුරු ශ‍්‍රි ලංකා මහ බැංකුව හා ජන හා සංඛ්‍යා ලෙඛන දෙපාර්තමෙන්තුව සපයුනු ලැබේ 


ශ‍්‍රි ලංකාවෙ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සදහා විශේෂ දිරි ලැන්විම් රජය මගින් ලබා දෙනු ලැබේ රටෙ සංවර්ධන කි‍්‍රයාවලියෙදි කුඩා ව්‍යාපාර විශාල කාර්ය භාර්යයක් ඉටුකරණ නිසා විශේෂ අවධානය මෙ සදහා යොමුව ඇත

ව්‍යාපාර සදහා බලපාන නිති හා රෙගුලාසි 
    ව්‍යාපාර කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සදහා රජය මගින් යම් යම් නිති සහ රෙගුලාසි නියම කර ඇත මේ මගින් විශේෂයේනම අපෙක්‍ෂා කරන්නේ ව්‍යාපාර නිසා පාරිභොගිකයාට ඇතිවිය හැකි බලපැම් අවම කිරිමයි පාරිභොගිකයා අරක්‍ෂාකර ගැනිමත් ව්‍යාපාරිකයා අරක්‍ෂා කරගැනිමත්  රජයෙ වගකිමකි එම නිසා මෙම දෙපාර්ශවයටම බලපාන නිතිරිති රජය විසින් සම්පාදනය කර ඇත මෙවා කොටස් 3 යටතේ දැක්විය හැක


1    පාරිභොගික නිති
  •      පාරිභොගික කටයුතු පිලිබද අධිකාරි පනත
  •      ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතන පනත
  •      ආහාර පනත
  •      කිරුම් මිනුම් පනත

2    සෙවක නිති


  • +++      සෙවක සෞඛ්‍ය සහ ආරක්‍ෂාව පිලිබද පනත
  •       කාර්යාල සහ සාප්පු පනත

3    තරගකාරිත්වය කෙරෙහි බලපාන නිති
  •       එකාදිකාරි එකාබද්ධ විම් පාලනය කිරිමෙ බද්ධ


  පාරිභොගික හැසිරිම
   වර්තමාන සංකිර්ණ වෙලදපොල තුල පාරිභොගිකයා භාණ්ඩ මිලදි ගැනිමට පෙර අවදානය යොමු කලයුතු සාදක කිපයක් පවති පාරිභොගික අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනිමට විවිධ වු භාණ්ඩ හා සෙවා රාශියක් වෙලදපොළතුල ඇත පාරිභොගිකයා සතු වුවමනා සියල්ල ඉටු කරගැනිමට ඔහු සතු මුල්‍ය සම්පත් සිමාසහිතය වෙලදපොල ක‍්‍රියාකරිත්වය තුල පාරිභොගික ආදායම වැඩිවන වෙගයට වඩා වැඩි වෙගයකින් භාණ්ඩ මිල ගණන් ඉහලයයි මෙම තත්වය මත නැවතත් තිරණ ගැනිමට පාරිභොගිකයාට සිදුවේ තම අවශ්‍යතා ඉටුකර ගැනිමට ඔහු ෂතු මුදල් ථලදායාව යෙදවිම පාරිභොගිකයාගේ කාර්යය භාර්යයි පාරිභොගිකයා භාණ්ඩ මිලට ගැනිම තිරණය කිරිමෙදි ඒ සදහා බලපාන සාදක කිපයක් ඇත


1    ආදායම
2    මිල
3    සමාජ තත්වය
4    වර්තමාන උපනතින්
5    පුරුදු සහ සිරිත්
6    ආරක්‍ෂාව
7    ප‍්‍රචාරණය හා වෙලද ප‍්‍රවර්ධනය


 පාරිභොගික මිලට ගැනිම සදහා බලපාන මුලික සාධකයකි ඔහු ලබන අධායම සිමාසහිත අධායම ලබන පාරිභොගිකයින් මුලික අවශ්‍යතා සදහා වැඩි මුදල් ප‍්‍රමාණයක් ව්‍යදම් කරන අතර ඉහල ආදායම් ලබන පාරිභොගිකයින් තම ආදායමෙන් වැඩි කොටසක් ව්‍යදම් කරන්නේ සුකෝපබෝගි භාණ්ඩ හා සේවා සදහාය මෙ අනුව විවිධ මට්ටමට ආදායම් ලබන පුද්ගලයින් තම ආදායම් ප‍්‍රමාණය අනුව මිලට ගන්නා භාණ්ඩ කුමන ස්ථානයෙන් මිලට ගන්නවාද යන්න තිරණය කරයි එ මෙන්ම භාණ්ඩවල මිල ගනන්ද සැලකිල්ලට ගනි මිල අඩු භාණඩ කෙරෙහි වැඩි ඉල්ලූමක් ඇතිවන අතර මිල වැඩි විමෙදි එවැනි භාණ්ඩ විලට ගැනිමට පාරිභොගිකයා දක්වන වුවමනාව අඩුවෙ  පුද්ගලයාගේ සමාජ තත්වය ආරක්‍ෂාකර ගැනිමෙ අපෙක්‍ෂාවෙන්ද පාරිභොගිකයා භාණ්ඩ මිලට ගැනිමට උනන්දුවක් දක්වයි වටිනාකමින් වැඩි ඉහල පෙනුමක් ඇති නවින මොස්තර සහිත භාණඩ මිලට ගැනිම නිසා ඔවුන්ගෙ සමාජ තත්වය උසස්වන බව ඇතැම් පාරිභොගිකයන්ගේ හැගිමයි පාරිභොගිකයා ස්විභාවයෙන්ද අලූත් මොස්තර සහිත භාණ්ඩ මිලට  ගැනිමට කැමැත්තක් දක්වයි එම නිසා වෙනත් කෙනෙක් මිලදි ගැනිමට පෙර තමා භාණඩය මිලදි  ගතයුතුයැයි ඔවුන් තිරනය කරයි  පාරිභොගිකයන් තමා අනුගමනය කරන සිරිත් විරිත් පදනම් කරගෙනද භාණ්ඩවලට ඉල්ලූම ඇති කරයි පුද්ගලයාගේ ආගම ජාතිය අනුව අදහන ජාතිය අනුව සිරිත් විරිත්ද වෙනස් වේ මෙ අනුව  විවිධ උත්සව සදහා භාණ්ඩ මිලදි ගැනිමෙදි පුද්ගලයා  අනුගමනය කරන සිරිත් විරිත් බලපැම් සිදුකරයි භාණ්ඩ මිලදි ගැනිමෙදි එම භාන්ඩ වලින් ලැබේන සුරක්‍ෂිත භාවය පිලිබදවද පාරිභොගිකයා සැලකිල්ල දක්වයි විශේෂයෙන්ම ළදරු උපකරණ ක‍්‍රීඩා භාණ්ඩ වැනි භාණ්ඩ මිලදි ගැනිමෙදි වැඩිහිටියන් ආරක්‍ෂාව පිලිබදව සොයා බලයි නිෂ්පාදකයාට මෙ පිලිබදව උනන්දුවක් දක්වා ඇති බව මොටර් රථ කර්මාන්තය තුලින් පිලිබිඹු වේ වර්තමාන වෙලදපොලතුල ව්‍යාපාරිකයා තම භාණ්ඩ අලොවිකර ගැනිම සදහා අනුගමනය කරන ප‍්‍රබලම උපාය මාර්ගය ප‍්‍රචාරනය හා ප‍්‍රවර්ධනයයි මෙයින් අපෙක්‍ෂා කරන්නේ පාරිභොගිකයා තුල පෙලබවිමක් ඇතිකර තම භාණ්ඩ මිලට ගැනිමට උනන්දු කරවිමයි තරගකාරි වෙලදපොලතුල ඉතාම සුරක්‍ෂම ලෙස මෙම ප‍්‍රචාරණ ක‍්‍රියාවලිය සිදුවේ මෙය තුලින් පාරිභොගික වුවමනා ඇතිිකරනු ලැබේ පාරිභොගිකයා ප‍්‍රචාරණ හා ඵ5වර්ධනය ගැති නොවි යතාර්ථය අවබොද කරගත යුතුය


පාරිභොගික හැසිරිම කෙරෙහි බලපාන ඉහත සදහන් සියලූ සාදක තුල කුමන මිලට ගන්නේද කුමන ස්ථානයෙන් මිලට ගතයුතුද යන්න තිරණය කිරිම පාරිභොගිකයා සතු ඉතාමත් වැදගත් කාර්යයකි තම අවශ්‍යතා  හා වුවමනා උපරිම ආකාරයෙන් ඉටුකර ගැනිමට හොදම මිලදි ගැනිම කල යුතුය හොදම මිලදි ගන්නෙක් විම තිරණය පාරිභොගිකයා සතුය වෙලදපොල තොරතුරු හොදින් අධ්‍යනය කර භාණ්ඩ මිලට ගත යුතුය තමාට වඩාත් වාසිදායක මිලදි ගැනිමක් සිදු කිරිමට පාරිභොගිකයා වගබලාගත යුතුය

පාරිභොගිකයා සහ පරිසරය
පාරිභොගිකයා සිය අවශ්‍යතා ඉටුකරගැනිම සදහා විවිධ භාණ්ඩ හා සෙවා පරිහරණය කරනු ලැබේ මෙය සැම අවස්ථාවෙදිම පරිසරය අරක්‍ෂාකිරිමට කටයුතු කිරිම පාරිභොගික සැමගෙම වගකිමකි විශේෂයෙන් පරිභොජනයෙදි ඉවත දමන ද්‍රව්‍ය කලමණාකරනය කරගැනිම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු වෙ අපතේ යන දැ කලමනාකරණය කිරිම සම්බන්ධයෙන් අනුගමනය කල හැකි ප‍්‍රධාන ක‍්‍රම 3ක් ගැන සදහන් වේ එය 3ර ලෙස හැදින්වේ


1      අපතේ යන දෑ අවම කිරිම
Reduce
2      නැවත පරිහරණය කිරිම Reuse
3      නැවත නිෂ්පාදන ක‍්‍රියාවලියට එක් කිරිම Recycle

 අපතේ  යන දෑ අවම කිරිම යනුවෙන් අදහස් කරන්නේ පෞද්ගලික ස්ථානවල හා පොදු ස්ථානවල සම්පත් පරිහරණය කිරිමෙදි එවා අනවශ්‍ය ලෙෂ විනාශවිමට ඉඩ නොදිමයි ජලය හා විදුලි  බලය වැනි සම්පත් පිලිබදව මෙහිදි වැඩි අවධානයක් යොමුවෙ කර්මාන්ත ශාලාවේ හො නිවාස තුල අනවශ්‍ය විදුලි පහන් විදුලි පංකා රූපවාහිනි යන්ත‍්‍ර නිවා දැමිමත් අනවශ්‍ය ලෙෂ ජල කරාම ඇර නොතිබිමත් මගින් මෙම සම්පත් අරක්‍ෂා කරගත හැකි වෙ අපතේ යන දැ අවම කිරිම මගින් එම සම්පත් අනාගතයෙදි ප‍්‍රයොජනයට ගත හැකිවනු ඇත


    පරිභොජනයෙදි ඉවතලන ප්ලාස්ටික් කඩදාසි පොලිතින්  ටින් වැනි ද්‍රව්‍ය නැවත නැවත පරිහරණයට ගැනිම තුලින් පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප‍්‍රමාණය අවම කරගත හැක මෙය පාරිභොගිකයාට පිරිවැය වාසියක්ද ලබාදේ පරිසරය සම්බන්දයෙන් පාරිභොගිකයාගේ යුතුකමක් ඉටු කිරිමක් ලෙෂ භාණ්ඩ ඇසුරුම් හො දවටන නැවත නැවත පරිහරණයට ගැනිමට පාරිභොගිකා තුල ආකල්පයක් තිබිය යුතුය පිරිවැය වාසියට වඩා  පරිසරයෙ ඇති වටිනාකම අගය කල යුතුය


   ඇසුරුම් හා දවටන නැවත නිෂ්පාදන ති‍්‍රයාවලියට යොදා ගැනිම යනුවෙන් අදහස් කරනනේ  කඩදාසි විදුරු ටින් වැනි ද්‍රව්‍ය ඉවත නොදමා එවා නැවත නිෂ්පාදන ක‍්‍රියාවලියට යොමු කිරිමයි මෙවැනි හිස් ඇසුරුම් හා කඩදාසි නිවැස් වලින් එක් රැුස් කරණ වෙලදුන් වර්තමානයෙ බිහිව ඇත පරිසරය සුරකිමෙ සංවිධානය විසින්ද මෙවැනි ව්‍යාපාර ආරම්භ කර ඇත පරිසර සුරකිමෙ සංවිධායකයින්ගෙ බලපැම නිසා නිෂ්පාදකයින් තම  ඇසුරුම්සකස් කිරිමේදි ඒ පිලිබදව වැඩි අවධානයක් යොමුකර   ඇත  ඒ අනුව ඇසුුරුම් නැවත නැවත  පරිහරණයට ගැනිමට හැකිවන ලෙෂ නිපදවිමත් හරිත වර්ණ නිෂ්පාදනය යොදාගැනිමටත් පෙලබි ඇත හරිත වර්ණ නිස්පාදන පරිසරයට හානියක් නොවන අතර එම නිෂ්පාදන වල මිල ගනන් අනෙකුත් ඇසුරුම් ද්‍රව්‍යවල මිලට වඩා ඉහල අගයක් ගනි එම නිසා මෙවැනි ඇසුරුම් සහිත භාණ්ඩ වල මිලද ඉහල අගයක් ගනි මෙ නිසා පාරිභොගිකයා එම භාණ්ඩ මිලට ගැනිමට යොමුවන්නේ ඉතා මද වශයෙනි  එහෙත් පරිසරය ගැන සැලකිල්ලක් දක්වා පාරිභොගිකයා යම් කැප0මක් කරන්නේනම්  පරිසරය අරක්‍ෂා කරගත හැක

පාරිභොගික අයිතිවාසිකම්
    වෙලදාම අරම්භවිමත් සමගම පාරිභොගික අයිතිවාසිකම් පිිබදව විවිධ රටවල් විසින් අවධානය යොමු කලත් පිලිගත් පාරිභොගික අයිතිවාසිකම් සමාජය තුල  තහවුරු වන්නේ 1950 දශකයෙන් පසුවය 1962 දී එවකට ඇථ එථ ජථ ජනාදිපතිවරයකු වු ජොන් ෙ කෙනඩි විසින් පාරිභොගික අයිතිවාසිකම් කිපයක් හදුන්වා දෙන ලදි මෙයින් අයිතිවාසිකම් 4ක් වර්තමානයෙ අන්තර් ජාතික වශයෙන්  පිලිගෙන ඇත ඊට අමතරව අන්තර් ජාතික පාරිභොගික සමිති සම්මේලනය විසින් පාරිභොගික අයිතිවාසිකම් 4 ප‍්‍රකාශයට පත්කර ඇත මේ අනුව අද වන විට අන්තර් ජාතික වශයෙන් පිලිගත් පාරිභොගික අයිතිවාසිකම් 8කි


1       ආරක්‍ෂාව සලසා ගැනිමට ඇති අයිතිය
2       තොරතුරු දැනගැනිමට ඇති අයිතිය
3       තොරා ගැනිමට ඇති අයිතිය
4       සවන් යොමු කර ගැනිමේ අයිතිය
5       මුලික අවශ්‍යතා සපුරා ගැනිමට ඇති අයිතිය
6       වන්දි ලබා ගැනිමට ඇති අයිතිය
7       පාරිභොගික අධ්‍යපනයට ඇති අයිතිය
8       සෞඛ්‍ය සම්පන්න පරිසරයෙ ජිවත්විමට ඇති අයිතිය


 පාරිභොගික වගකිම
    පාරිභොගිකයාට තම භාණ්ඩ හා සේවා මිලට ගැනිමෙදි අනැගමනය කල හැකි අයිතිවාසිකම් අන්තර් ජාතික වශයෙන් පිලිගත්තා සෙම ඔවුන් ෂතු වගකිම් ප‍්‍රමාණයක්ද දක්වා ඇත එම නිසා අයිකතිවාසාකම් බුක්ති විදිමට තම වගකිම් ඉටු කිරිම සදහා යොමුවිම අනිවාර්ය වේ අන්තර් ජාතික වශයෙන් පිලිගත් පාරිභොගික වගකිම් 5ක් සදහන් වේ
             
1      විචාරාත්මක දැනුවත් භාවය
2      පාරිභොගික අයිතින් තහවුරු කර ගැනිමට කටයුතු කිරිම
3     සමාජය ගැන සැලකිලිමත් විම
4      පාරිසරික දැනුවත් බව හෙවත් පාරිසරික දැනුවත්විම
5      සහයොගිතාව එක්සත්විම සාමුහික බව
    
 පාරිභොගික ආරක්‍ෂණය
     පාරිභොගික අයිතිවාසිකම් හා වගකිම් ආරක්‍ෂාකර ගැනිමට අවරණ සැලසිම සදහා සැම රජයක් විසින්ම නිති සම්පාදනය කර ඇත පාරිභොගිකයා අරක්‍ෂා කිරිම සැම රජයකම වගකිමකි පාරිභොගික ආරක්‍ෂණය සදහා ඇතැම්රටව් පාරිභොගික සංවිධාන පිහිටුවා ඇත ඒ තුලින් ඔවුන්ගේ අයිතිවාසිකම් රැුක ගැනිමට පාරිභොගිකයින්ට හැකියාව ලැබි ඇත ශ‍්‍රි ලංකාවේ මෙවැනි සංවිධාන තවම අරම්භ වි නොමැත ශි‍්‍ර ලංකාවෙ පාරිභොගික ආරක්‍ෂණය සදහා රජයෙ අවධානය වර්දනය වෙමින් පවතින්නේ 1950 ගනන් වලින් පසුවය රජය විසින් ඇතිකරන ලද නිති හා රෙගුලාසි කිපයක් පහත දැක්වේ


1    7950 අංක 27 දරණ මිල පාලන පනත
2    1979 අංක 1 දරණ පාරිභොගිකයන් ආරක්‍ෂා පනත
3    1984 අංක 6 දරණ ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතන පනත
4    1988 අංක 56 දරණ ජාතික පාරිසරික පනත
5    2003 අංක 9 දරණ පාරිභොගික කටයුතු පිලිබද අධිකාරි පනත
 පාරිභොගික කටයුතු පිලිබද අධිකාරිය


  2003 අංක 9 දරණ පාරිභොගික කටයුතු පිලිබද අධිකාරි පනත යටතේ මෙම අධිකාරිය පිහිටුවා ඇත පාරිභොගික කටයතු පිලිබද අධිකාරිය ක‍්‍රියාත්මක වන්නේ වාණිජ හා පාරිභොගික කටයුතු අමත්‍යන් යටතේය මෙම පනත ඇති කිරිමත් සමග එතෙක් කි‍්‍රයාත්මකවු පාරිභොගික ආරක්‍ෂක පනත් 3ක් අහොසි කරන ලදි


1    මිල පාලනය කිරිමේ පනත
2    පාරිභොගිකයන් ආරක්‍ෂා කිරිමේ පනත
3    සාධාරණ වෙළද කොමිසන්සභා පනත


    මෙම පනත් 3 බල රහිත කල ද එ වායෙ තබු වැදගත් කොටස් නව පනතට අනතර් ග‍්‍රහනය කරන ලදි පාරිභොගික කටයුතු පිලිබද අධිකාරියේ මුලික අරමුණ වන්නේ වර්තමාන ආර්ථික හා වෙලද පසුබිම තුල පාරිභොගිකයන් ආරක්‍ෂා කිරිමයි ඒ සමගම අසාධරණයට ලක්වන වෙලදුන් අරක්‍ෂා කිරිමද අධිකාරියෙ වගකිමකි පාරිභොගික කටයුතු පිලිබද අධිකාරි පනතේ සදහන් ආකාරයට මෙම අධිකාරි පිහිටුවිමේ අරමුණු 4 කි


1    පාරිභොගිකයන්ගේ ජිවිත හා දේපල වලට උපද්‍රවයක් සිදුවන හා අලොවිය හා සෙවා සැපයිමට එරෙහිව ඔවුන් අරක්‍ෂා කිරිමයි
2    අසාදාරණ වෙලද පිලිවෙත් වලට විරුද්දව පාරිභොගිකයන්ගේ අයිතිවාසිකම් වලට නිසි සැලකිලි දැක්විම සහතික කිරිම
3    හැකි සැම විටම පාරිභොගිකයන්ට තරගකාරි මිලට භාණ්ඩ හා සේවා වලට ප‍්‍රමාණවත් ප‍්‍රවෙශයක් ලබාදිමට සහතික විම
4    අසාදාරණ වෙලද පිලිවෙත් සිමිත වෙලද පිලිවෙත් හො වෙලෙන්දන් විසින් සිදු කෙරෙන වෙනත් යම් ආකාරයකට පාරිභොගික සුරාකැම් වලට එරෙහිව සහනයක් දිම


 පාරිභොගික කටයුතු පිලිබද අධිකාරිය සභාපතිවරයෙකුගෙන් සහ කර්මාන්ත නීතියල ආර්ථික විද්‍යාවල වාණිජයල පරිපාලනයල ගිණුම් කරණයල විද්‍යාව හෝ සෞඛ්‍ය යන ශ්‍රේත‍්‍ර වල පිලිගත සුදුසුකම් ඇති එම ශ්‍රේත‍්‍ර පිලිබද විශිෂ්ඨ පලපුරුද්දක් සහ විශිෂ්ඨතාවයක් ලබා ඇති  තැනැත්තන් අතරින් සමාජිකයින් 10කට නො අඩු  ප‍්‍රමාණයක් අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබේ මෙම සමාජිකයින්ගේ දුර කාලය වසර 3කි පාරිභොගික  කටයුතු පිලිබද අධිකාරියට අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක් පත් කරනු ලැබේ ඔහු අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරියා වේ


     මෙම අධිකාරිය මගින් ඉහත දැක්වු අරමුණ  ඉටු කර ගැනිම සදහා ඉටු කල යුතු කාර්යයන් 17ක් මෙම පනත යටතේ සම්මත කර ඇත විශේෂයෙන් ම පාරිභොගිකයා ආරක්‍ෂා කර ගැනිම සදහා  මෙම කාර්යයන් ක‍්‍රියාත්මක වන අතර වෙලදුන් සදහා යම් යම් නියමයන් නිකුත් කිරිම ද මෙහි දි සිදුවේ අරමුණු  ඉටු කර ගැනිමට ක‍්‍රියාත්මක විමෙදි  විධිමත් වෙලදාමක් ස්ථාපිත කිරිම සදහා අධිකාරියට බලය ලබාදි ඇත එම බලතල පහත සදහන් වේ


1        ඕනැම භාණ්ඩයක මිල ලකුණු කිරිමල ලේබල් කිරිමල ඇසිරිමල විකිණිම හෝ නිශ්පාදනය කිරිම සම්බන්දව අධිකාරියට සුදුසු පරිදි නියම කිරිම් කිරිමට බලය ඇත
2      පාරිභොගික ආරක්‍ෂාව සදහා බලපාන නිෂ්පාදනය කිරිම ආනයනය කිරිම ගබඩා කිරිම විකිණිම සහ තොග තබා ගැනිම සම්බන්ධව වෙලදුන්ට විශේෂ නියොග නිකුත්කළ හැකිය
3      ඉහත නියමයන් කඩ කරන තැනැත්තන් පනත යටතේ වරදකරුවෙකු කල හැකිය
4      භාණ්ඩ හා සේවා වල ප‍්‍රමිතිය පිලිබදව යම් විදාන නිකුත් කිරිමට බලය ඇත
5      අධිකාරිය  විසින් නියම කරන ලද ප‍්‍රමිතින්ට අනුව ක‍්‍රියාත්මක නොවන වෙ ලදුන්ට එරෙහිව පාරිභොගිකයින්ගෙන් ලැබෙන පැමිණිලි විබාග කිරිමට බලය ඇත


 පාරිභොගික කටයුතු පිලිබද අධිකාරි පනතේ සදහන් බලතල අනුව අධිකාරිය විසින් නිකුත් කරන නියොග ඵිලිපැදිම පැහැර හරින නිෂ්පාදකයින් හො වෙලදුන්ට  එරෙහිව අධිකරනය මගින් වරදකරුවකුට පත් කර දඩුවම් ලබා දිම අධිකාරිය මගින් සිදු කරයි එමෙන්ම වෙලෙන්දෙකු තමා ස්තකයේ ඇති භාණ්ඩ අලොවි කිරිමේදි  පහත සදහන් ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ද වරදකරුවකු කල හැකිය


1       තමා සන්තකයේ ඇති භාණ්ඩ විකිණිම ප‍්‍රතික්‍ෂ්ප කිරිම
2       ඒ භාණ්ඩය තමා සන්තකයේ නොමැති බව කිම

3       එම භාණ්ඩ පිලිගත් මිල හැර නෙත් කොන්දෙසි ඉදිරිපත් කිරිම
4       වෙලෙන්දාගේ සාමාන්‍ය ප‍්‍රයොජනයට අවශ්‍ය ප‍්‍රමාණයට අමතර ප‍්‍රමාණයක් තමා භාරයේ තබා නොගැනිම

 මිට අමතරව සෑම වෙලද ආයතනයකට භණ්ඩවල මිල ප‍්‍රදර්ශනය කිරිම අනිවාර්ය කර ඇත එමෙන්ම ගැනුම්කරුවකු කුවිතාන්සියේ අනිවාර්යයෙන් ඇතුල් විය යුතු කරුණු පනතේ සදහන් වේ


1      විකිණිම කල දිනය
2      ඵීකුණන ලද භාණ්ඩ වල ප‍්‍රමාණය
3      එම ප‍්‍රමාණය සදහා ගෙවන ලද මිල


පාරිභොගිකයින්ගේ ආරක්‍ෂාව සදහා විධිමත් වෙලදාමක් ඇතිකිරිම සදහා අධිකාරිය සතු බල තල යටතේ සැම වෙලද ආයතනයකම දැන්විම් පුවරු පවත්වාගෙන යාමට නියොගකල හැකිය අධිකාරිය විසින් නිකුත්කරණු ලබන නිවෙදන මෙම පුවරුවෙහි ඇතුලත් කල යුතුය අධිකාරියෙ අනුමැතිය නොමැතිව එම නිවෙදනය ඉවත් කිරිම විකුර්ති කිරිම  පණත යටතේ දඩුවම් ලැ බිය හැකි වරදකි සැම වෙලෙන්දෙක් විසින්ම භාණ්ඩ විකිණිමෙදි  හා සෙවා  සැපයිමෙදි  පාරිභෙිගිකයා නොමග යවන සුළු පැවැත්මක නිරතනොවිය යුතුය අධිකාරියට  ඕනැම වෙලෙන්දෙකු හො නිෂ්පාදකයෙකු සමග භාණඩයේ උපරිම මිල භාණ්ඩයෙ ප‍්‍රමිතිය සහ නිෂ්පාදකයා සමග එලබිය යුතුයැයි අදහස් කරන  ඕනැම කොන්දෙශියකට ලිඛිත ගිවිසුමක්  ඇතිකර ගත හැකිය අමාත්‍යවරයාට අධිකාරිය විමසා ගැසට් පත‍්‍රය මගින් නිශ්ච්ත භාණ්ඩවල මිල වෙනස් කිරිමට අධිකාරියෙ පුර්ණ අනුමැතිය අවශ්‍ය වේ සැම වෙලෙන්දෙකු විසින්ම අධිකාරිය විසින් නියම කරන ලද වාර්ශික ගාස්තු ගෙවිමකි අදිකාරියේ ලියාපදිංච් විය යුතුය

  පාරිභොගික කටයුතු පිලිබද සභා
       පාරිභොගික කටයුතු පිලිබද අධිකාරිය යටතේ වෙලෙන්දන්ට සහ නිෂ්පාදකයන්ට ලබා දෙන නියොග ඛඩවිම සිදුවන්නේද යන්න සොයා බැලිමටත් පාරිභොගික පැමිණිලි විමර්ශණය කිරිමටත් පාරිභොගික කටයුතු සභා පිහිටුවා ඇත එම සභාවට සමාජිකයින් 3කු පත්කරණු ලැබේ


1    වාණිජ නිති ශ්‍රේෂ්ත‍්‍රයෙ පුළුල් පලපුරුදුදක් ඇති තැනැත්තෙක්
2    ව්‍යාපාරික කලමණාකරණයෙ පුළුල් පලපුරුදුදක් ඇති තැනැත්තෙක්
3    වෙලද පිලිවෙත් හා පාරිභොගික කටයුතු පිලිබද පුළුල් පලපුරුදුදක් ඇති තැනැත්තෙක්
 මොවුන් දුරකාලයද වසර 3කි සමාජිකයින් අතරින් සභාපතිවරයා පත්කිරිම අමත්‍යවරයා විසින් කලයුතුය සභාව වෙත ලැබෙන සියලූම පැමිණිලි සහ තරග විරොදි චර්යා විමර්ශනයකර වාර්තා ලබාදෙන ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාටසභාවට දැනුම් දිය හැකිය විමර්ශනය සිදුකරන ආකාරය රභාවට තිරණය කල හැකිය

ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනය


  ඕනැම රටක ඇති සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායිව යොදවා ගැනිම රජයෙ වගකිමකි සම්පත් නාස්තිය අවම කිරිම සදහාත් අන්තර් ජාතික වෙලදාම දියුණුකිරිම  සදහාත් ජාතිකව පිලිගත් ප‍්‍රමිති පද්ධතියක් අවශ්‍යවෙ එ මෙන්ම රටක සමස්ථ ආර්ථික වර්ධනය පාරිභොගික ආරක්‍ෂණය පාරිභොගිකයාගේ සෞඛ්‍ය අරක්‍ෂවිම සදහා ප‍්‍රමිති කරණය වැදගත්වෙ ජාතික වශයෙන් මෙන්ම අන්තර් ජාතික ප‍්‍රමිති කරණය අවශ්‍යවේ එක්සත් ජාතින්ගේ ඉල්ලිම පරිදි 1947දි අන්තර්ජාතික ප‍්‍රමිති සංවිධානයෙ මුලස්ථානය ස්විස්ටන් ලන්තයෙ ජිනිවා නුවර පිහිටුවා ඇත ජාතික ප‍්‍රමිති ආයතන 90 පමණ සාමාජිකත්වය මෙහි ඇත  ශ‍්‍රි ලංකාවෙ 1964 අංක 38 දරණ ලංකා ප‍්‍රමිති කාර්යංශය අරම්භ කෙරුනි ඉන් පසුව 1984 අංක 6 දරණ ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනය බවට පත් කරන ලදි මෙම ආයතන පිහිටු විමෙදි ජාතික අවශ්‍යතාවයන්  වඩා පුළුල් කිරිමේ අපෙක්‍ෂාවෙන් එහි කාර්යයබාර්යය පහත සදහන් ලෙස අන්තර්ගත කර ඇත


1       ප‍්‍රමිති පිලියෙල කිරිම
2       ප‍්‍රමිති කි‍්‍රයාත්මක කිරිම
3       ප‍්‍රමිති කරණය සහ තත්ව පාලනය පිලිබදව පුහුණු පාඨමලා සංවිධානය කිරිම

4       ප‍්‍රමිති කරණය සහ තත්ව පාලනය ප‍්‍රවර්ධනය කිරිම
5       පරික්‍ෂණාගාර සෙවා පවත්වාගෙන යාම
6       විදුලි උපකරණ වල බල ශක්තිය කාර්ක්‍ෂමතාව ලේබල් කිරිම
7       ශ‍්‍රි ලංකා ජාතික තත්ව සම්මාන පිරි නැමිම
8       තත්ව පද්ධති පිලිබදව අන්තර් ජාතික ප‍්‍රමිති ක‍්‍රියාත්මක කිරිම
9       පාරිභොගික අධ්‍යාපනය ප‍්‍රචලිත කිරිම
10       පුස්තකාල සේවා දේශිය හා විදේශිය ප‍්‍රමිත අලොවිය හා තොරතුරු සේවා

ප‍්‍රමිතිය
භාණ්ඩයක් හො සෙවාවක් සැපයිමට පෙර එම නිෂ්පාදිතයෙහි අන්තර් ගතය  පිලිබදව සකස් කරගන්නා ලැයිස්තුවක් එම නිෂ්පාදිතයෙහි  ප‍්‍රමිතියක් ලෙස සැලකිය හැකිය ප‍්‍රමිතියක් සම්බන්දයෙන් ඉදිරිපත් වි ඇති  පිලිගත් නිර්වචනයක් පහත දැක්වෙ නිෂ්පාදනයෙහි වෙලදාමෙහි හා පරිභොජනයෙහි උපරිම කාර්යක්‍ෂමතාව සදහා විද්‍යාවෙ තාක්‍ෂණයෙහි මෙන්ම පලපුරුද්දේ ප‍්‍රථිපල කැටිකොට අදාල සියලූම  අංශවල එකග තාවයෙන් පිලියෙල කරණ ලද ජාතික මට්ටමෙන් හො අන්තර් ජාතික මට්ටමෙන් පිලිගත්  ආයතනයක් අනුමතකොට නිකුත් කරණු ලබන තාක්‍ෂණික පිරිවිතරය හෙවත් ලේඛණයකි
 

ISO සහතික කරණය
  
ISO සහතික කරණය  අරම්භවුයෙ යුරොපයෙ අධිතාක්‍ෂණ කම්හල් වලට සැපයුම් කරුවන්ගෙන් ලැබෙන ද්‍රව්‍ය ප‍්‍රමිත කිරිමට ගත් උත්සහය  සමගයි  වර්තමානය වන විට රටවල් 100කට අධිකප‍්‍රමානයක් ISO සහතික කරණයට අනුගතවි ඇත ISO සහතික කරණයෙ කාණ්ඩ කිපයක් හදුන්වා දි ඇත එයින් ප‍්‍රදාන කාණ්ඩය ISO 9000 ඛාණ්ඩයයි මෙය කොටස් 2න් සමන් විතය

1    මාර්ග උපදෙෂක ප‍්‍රමිති
2    තත්ව පද්ධති පිලිබද ප‍්‍රමිති

මාර්ග උපදෙෂක ප‍්‍රමිති


 
ISO 9000 - තත්ව කලමණාකරණය හා තත්ව ස්ථාපන පිලිබද ප‍්‍රමිති තොරාගැනිම හා බාවිතය පිලිබද මාර්ගොපදේස

 
ISO 9004 - තත්ව කලමණාකරණය පිහිටුවා ගැනිම සදහා මාර්ගොපාදශය

 
ISO 9001 - නිෂ්පාදිතයක නිර්මානය සංවර්ධනය නිෂ්පාදනය සහ සේවා සදහා සකස් කරන සංයුක්ත තත්ව ස්ථාපන පද්ධතියකි 

   ISO 22000 - අහාරවල සුරක්‍ෂිත භාවය පිලිබදව ජාතියන්තර ප‍්‍රමිතිය මෙයයි

HACCP – අහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය ප‍්‍රමාණ සහතික කිරිම අනිවාර්ය කර ඇති  අන්තර් ජාතික ප‍්‍රමිතිය මෙයයි

කිරුම් මිනුම් ප‍්‍රමිති
  ශ‍්‍රි ලංකාවෙ වෙලද කටයුතු වලදි බාවිතකරන සියලූම කිරුම් මිනුම් උපකරණ වල  නිරවද්‍යතාව තහවුරු කර ගැනිම මෙම ප‍්‍රමිතිය යටතේ සිදුවිය යුතුය මේ සදහා 1995 අංක 35 දරණ මිනුම් එකක ප‍්‍රමිත හා  සෙවා දෙපාර්තමෙන්තුව පිහිටුවා ඇත වෙලදාමෙහි බාවිතා කරන සියලූම කිරුම් මිනුම් උපකරණ හරි වැරද බලා වරක් රජයෙ මුද්‍රාව තබාගත යුතුය මෙ සදහා දිවයින පුරා අවශ්‍ය පහසුකම් සපයා ඇත

බුද්ධිමය දේපල සුරකිම
   ව්‍යාපාර ආයතන ෂතු බුද්ධිමය දෙපල අරක්‍ෂා කරගැනිම එහි ලභදායිත්වය රැුකගැනිමට උපයොගි වේ මේ සදහා 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත ක‍්‍රියාත්මක වේ ආයතන සතු බුද්ධිමය දෙපල ලෙස පහත සදහන් සාදක දැක්විය හැකිය


1    පෙටන් බල පත‍්‍රය
2    ලිපි හිමිකම
3   
වෙලද ලකුණු

 
පෙටන් යනු  කිසියම් පුද්ගලයකුගේ නව සොයාගැනිම නිසා රජයෙන් දෙනු ලබන සහතිකයයි පෙටන් බලපත‍්‍රයක් අවුරුදු 20 කාලයක් සදහා වලංගු වේ නව සොයා ගැනිම ලෙස පහත අවස්ථා සැලකිල්ලට ගනි
1    නව නිෂ්පාදන කි‍්‍රයාවලිය
2    නව යන්ත‍්‍ර
3    නව නිමැවුම්
4    පවත්නා සොයාගැනිමක් වැඩි දියුණු කිරිමක් නව නිෂ්පාදන ලෙෂ සැලකේ

ලිපි හිමිකම
  ඛිසියම් පුද්ගලයකුගෙ නිර්මානාත්මක කටයුත්තක්  පිටපත් කිරිමෙ අයිතිය ලිපි හිමිකමයි ලිපිහිමිකම සදහා  පහත සදහන්  නිර්මාන අයත් වේ


1    කලා කෘති                    
2    නාට්‍ය
3    සංගිතය
4    සාහිත්‍ය
5    පරිගණක වැඩ සටහන්

වෙළද ලකුණ
 වෙළදපොලෙහි පවත්නා  වෙනත් දේවලින් තම සංවිධානයට අයත්  හෝ පුද්ගලයකුට අයත් භාණ්ඩ හො සෙවා වෙන්කර හදුනා ගනිම සදහා භාවිතකරන වචන සංඛ්‍යාත හා  නිර්මාණ වෙලද ලකුණු ලෙෂ සැලකේ වෙලද ලකුණු මුලික වශයෙන් වර්ග 3ක් යටතේ වර්ගකෙරේ

3 comments:

  1. අනේ පාඩම් ටික සහ ඒවායේන් සැකසෙන ප්‍රශ්නත් ලබාදෙනවානම් ගොඩාක් හොඳයි.

    ReplyDelete
  2. ඉතිරි ටික ගන්න විදියක් නැද්ද

    ReplyDelete
  3. මේ සම්බන්ද කෙටි හා නිශ්චිත ප්‍රශ්න දෙනවනම් හොදයි

    ReplyDelete