ව්‍යාපාර පරිසරය

ව්‍යාපාරක් පවත්වාගෙන යාමෙදි ඒ සදහා බලපැම් ඇතිවිය හැකි සධක ඇතුලත් පරිසරය ව්‍යාපාර පරිසරය ලෙස හැදින්වේ. ව්‍යාපාර පරිසරය ඉතාමත් ශී‍්‍රඝ‍්‍රයෙන් වෙනස් වන සුළුය මෙම තත්වය අවබොදකර නොගන්නා ව්‍යාපරිකයෝ අසාර්ථකත්වයට පත්වේ. ව්‍යාපාර කෙරේහි බලපාන සාදක ව්‍යාපාරයට හිතකර මෙන්ම අහිතකර ලෙසද සිදුවිය හැකිය. එම නිසා ව්‍යාපාරයක සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයටද හේතුව පරිසර බලපැමයි. එමනිසා ව්‍යාපාර ආයතනයක් විසින් පරිසර සාධක කෙරෙහි අවධානය යොමුකිරිම අනිවාර්ය කරුනකි. පරිසර සාදක පිලිබද අවධානය යොමුකිරිම තුලින් ව්‍යාපාර ආයතනයකට ඇති ප‍්‍රයෝජන කිපයකී.

1    ව්‍යාපාර පරිසරයේ ස්වාභාවය තම ව්‍යාපාර පැවැත්මට කොතෙක් දුරට බලපන්නේ දැයි අවබොද කර ගැනිමයි.
2 ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව වල අවශ්‍යතා  හදුනා ගැනිමකි.
3 ව්‍යාපාරක පරමාර්ථ සකස් කිරිමෙදි ව්‍යාපාර පරිසරයෙ බලපැම සැලකිල්ලට ගැනිමයි.
4 ව්‍යාපාරයෙ ශක්තින් දුර්වලතා අවස්ථා හා තර්ජන හදුනා ගැනිම.

ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය කිරිමෙදි ව්‍යාපාර කෙරෙහි බලපාන සාදක ප‍්‍රධාන කොටස් 2 යටතේ වර්ග කල හැකිවේ.

1 අභියන්තර පරිසරය

2 බාහිර පරිසරය


  1.  අභියන්තර පරිසරය

                ව්‍යාපාරය හා එයට ඉතාමත් ආසන්න පාර්ශවය අභියන්තර පරිසර සාධක ලෙස සැලකේ.   අභියන්තර පරිසර සාධක ව්‍යාපාරයට පාලනය කල හැකිය  ව්‍යාපාරයෙ අභියන්තර කටයුතුවලදි මෙම සාධක කෙරෙහි අවධානය යොමු කිරිම අනිවර්යෙන්ම කලයුතුවේ .

අභියන්තර පරිසරයේ බලවේග

  • අයිතිකරුවන්   
  • සංවිධාන ව්‍යුහය
  • සම්පත්
  • ගණුදෙනුකරුවන්
  • කළමනාකරුවන්
  • සංස්කෘතිය



  2.  බාහිර පරිසරය

                 ව්‍යාපාර අයතනයකට පාලනය කල නොහැකි සාදක ඇතුලත් පරිසරය බාහිර පරිසරය ලෙෂ හැදින්වේ. ව්‍යාපාර කටයුතු සදහා බාහිර පරිසර සාධකවලින් සෘජු බලපැමක එල්ල නොවේ. එහෙත් ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගෙනයාම සඳහා බාහිර පරිසර සාදක කෙරෙහිද අවධානය යොමුකිරිම අනිවාර්ය ලක්ෂණයකි. ව්‍යාපාර බාහිර පරිසරය සාර්ව පරිසරය ලෙසද හැදින්වේ.

   


1. ප‍්‍රජා පරිසරය.                         
  • ජනගහන ප‍්‍රමාණයx                   
  • උපත් සංඛ්‍යාවx   
  • සංක‍්‍රමණ
  • විගමන 
  • මරණ අනුපාතය    
  • සුළු ජාතික කණ්ඩායම්
  • ජන ජනගහනයේ වයස් ව්‍යාප්තිය
  • ජගහනයේ ස්ත‍්‍රී පුරුෂ භාවයේ ව්‍යාප්තිය
  • ජනගහනයේ භුගෝලීය ව්‍යාප්තිය
  • ජනගහන වර්ධනය
  • මරණ සංඛ්‍යාව
  • ආගමන
  • උපත් අනුපාතය
  • කුටුම්භ පාරිභෝගිකයින්

 2. ස්වාභාවික පරිසරය.
ස්වාභාවික පරිසරය භෞතික පරිසරයල භූගොලිය පරිසරය ලෙසද හැදින්වේ මුළු නිෂ්පාදන ක‍්‍රියාවලියම රදා පවතින්නේ ස්වාභාවික සම්පත් අපයොගි කරගෙන මිනිසාගේ අවශ්‍යතා හා වුවමනා  ඉටුකිරිමට නිෂ්පාදිත බිහි කිරිම ව්‍යාපාරිකයන් විසින් සිදු කරණු ලැබේx භූමියෙන් ලැබෙන යපස්ල ගල් අගුරුල බොරතෙල්ල ස්වාභාවික ගැස්ල ලොහල ඛණිජ වැලිල මැණික් වැනි යනාදිය කර්මාන්ත සදහා  යොදා ගැනේx ස්වාභාවික පරිසරයෙ බලපැම ව්‍යාපාර සදහා කෙතෙක් දුරට වක‍්‍ර ආකාරයට බලපාන්නේද යන්න පහත සම්බන්ද ප‍්‍රධාන උපනතින් පිලිබදව අවධානය යොමුකිරිමෙන් අවබොදකරගත හැකියග

1    අමුද්‍රව්‍යවල හිගවිමග
2    ඉන්දනවල මිල ඉහල යැමග
3    පරිසර දුෂණ මට්ම වැඩිවිමග
4    ඍජයෙ කාර්යභාර්ය වෙනස් විමග

ස්වාභාවික පරිසරයෙ වෙනස් විම ව්‍යාපාරවලට තර්ජන ඇතිකරන බව තවත් සමහර ව්‍යාපාරවලට අවස්ථාව උදාකරයිග ස්වාභාවික පරිසරයෙන් ඇතිවන තර්ජනවලට මුණ දිම සදහා විකල්ප ක‍්‍රම කෙරෙහි ව්‍යාපාරිකයින්ගෙ අවධානය යොමුවි ඇත ග

දේශපාලන සහ නෛතික පරිසරය
රටක දේශපාලන ප‍්‍රථිපත්ති එරට ව්‍යාපාර සදහා ප‍්‍රබල ලෙස බලපායිග ව්‍යාපාර  මෙහෙයුම් කටයුතු සදහා හිතකර ආකාරයෙ වාතාවරන ඇති කිරිම ව්‍යාපාර සදහා බාදක ලෙෂ කි‍්‍රයාත්මක වන දේශපාලන ප‍්‍රති පත්තින්ද ඇතිවිය හැකිය රජයෙ අනපත් හා නිතිරිති රාජ්‍ය නියොජිත ආයතන සහ බලපැම්කරන කණ්ඩායම් මෙහිදි වැදගත්වේග රජය විසින් පනවන ව්‍යාපාර නිතිරිතිවල ප‍්‍රධාන අරමුණු 3ක් ඇත ග

1    අසාදාරණ තරග කාරිත්වයෙන් ව්‍යාපාර ආරක්‍ෂා කිරිමග
2    අසාධාරණ ව්‍යාපාර බාවිතයන්හි පාරිභොගිකයා අරක්‍ෂාවිමග
3    ව්‍යාපාර විසමාචාරවලින් සමාජය අරක්‍ෂා කිරිමග

මෙම නිතිරිති වලට අනුකුලව කටයුතු කිරිමට ව්‍යාපාරිකයින් වගබලා ගතයුතුය දේශපාලන වෙනස්විම් ව්‍යාපාරිකයින් ප‍්‍රබල බලපැමක් ඇතිකරයිග රජය විසින් කි‍්‍රයාත්මක කරණ ආනයන අපනයන නීතිරිති බදු ප‍්‍රතිපත්ති විදේශ විනිමය  ප‍්‍රතිපත්ති හා නිතිරිති ව්‍යාපාර සදහා බලපැම් සිදුකරයි මෙම පරිසර සාදක ව්‍යාපාර ආයතනයට පාලනය කල නොහැකි නිසා එවාට අනුරුපිව තම ව්‍යාපාර කටයුතු සකස් කර ගැනිමට ව්‍යාපාරිකයින් අවධානය යොමුකල යුතුයග

සමාජ හා සංස්කෘතික පරිසරය  
      පුද්ගලයින්ගේ විස්වාසල වටිනාකම්ල අපෙක්ෂාවන්ල සමාජ හා සංස්කෘතික පරිසරය තුලින්  ඔපවත් කරයිග සංස්කෘතිය ජන සමාජය පරපුරෙන් පරපුරටගෙනයන සිතුම් පැතුම් ආකල්ප හැසිරිම් හා විශ්වාස යනාදියෙන් සමන්විතය සමාජ ක‍්‍රමය ලෙස වර්තමාන සමාජය ආර්ථික පාරිභොගික නැඹුරුතාව ලෙස දැක්විය හැකග මිනිසුන්ගේ මෙම සංස්කෘතික ලක්‍ෂ්ණ වෙනස්වෙමින් පවති එ ඒ සමාජ කණ්ඩායම් වලට ආවෙනික සංස්කෘතික ලක්ෂන මතම රැුදෙමින්  කටයුතු කිරිමට මිනිසා කැමැත්තක් නොදක්වයි විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමග වෙනස් වන සමාජ ක‍්‍රමයට අනු ගත විම මිනිසාගේ පැවැත්ම සදහා  අත්‍යවශ්‍යවේග ෂමාජ සංස්කෘතික පරිසරය තුල ඇති දෘෂ්ටින් ව්‍යාපාර කෙරෙහි බලපැමක් ඇතිකරයි එ වැනි දෘෂ්ටින් කීපයක් පහත සදහන් ලෙෂ හදුනාගත හැකිවේග

1    තමා පිලිබද දෘෂ්ටියග
2    අනෙක් පාර්ශව පිලිබද දෘෂ්ටියග 
3    සංවිධාන පිලිබද ඇති දෘෂ්ටියග
4    සමාජය පිලිබද ඇති දෘෂ්ටියග
5    ස්වභාව දර්මය පිලිඉද ඇති දෘෂ්ටියග
6    විශ්වාය පිලිබද ඇති දෘෂ්ටියග

 ගොලිය සමාජ ප‍්‍රවනතාද මේ සදහා ඉවහල් වී ඇත එ වැනි ගොලිය ප‍්‍රවනතා ව්‍යාපාර කෙරෙහි බලපැමක් ඇති කරයිග එ වැනි  ගොලිය ප‍්‍රවනතා කීපයක් පහත දැක්වේග

    1   සෞඛ්‍ය ගැන දක්වන උණන්දුව වැඩිවීමග
    2   පරිසරය ගැන සැලකිලි මත්විමග
    3   වයසගත ජනගහනයෙ ඉහලයැමග
    4   පැරණි ජිවන ක‍්‍රම යලි බාවිතයට පැමිනිමග
    5   සැම මට්ටමකම අධ්‍යාපනය වර්ධනය වීමග
    6   බටහිර සංස්කෘතික අධිපත්‍ය පැතිරිමග

ආර්ථික පරිසරය    
              ව්‍යාපාරවල පැවැත්ම සදහා ගණුදෙනුකරුවන් වැදග් වන්නා සෙම ඔවුන්ගේ ක‍්‍රය හක්තියද ව්‍යාපාර කෙරෙහි ප‍්‍රබල බලපැමක් ඇතිකරයිග භාණ්ඩ හා සෙවා සදහා පවතින ඉල්ලූම සපල ඉල්ලූමක් වන්නේ ක‍්‍රය ශක්තිය එකතු වීමෙනි පුද්ගලයකුගේ ආදායම මිල  මට්ටම ඉතිරිකිරිම් ණය සහ නය සුලබතාවය යන ආර්ථික සාදක පුද්ගල ක‍්‍රය ශක්තිය කෙරෙහි බල පැම් ඇතිකරයි එමෙන්ම ව්‍යාපාර පවත්වාගෙන යාමෙදි මොවුන්ට දැරිමට සිදුවන පිරිවැය  ද්‍රව්‍ය පිරිවැය ශ‍්‍රම පිරිවැය යන්ත‍්‍ර පිරිවැය ප‍්‍රාග්ධන පිරිවැය යනාදි කොටස් වලින් යුක්ත මිට අමතරව පර්යෙෂණ හා සංවර්ධනය සදහ ව්‍යාපාර විසින් දැරිය යුතුය ව්‍යාපාරික හා පාරිභොගික කරුණුවලට අමතරව සමස්ථ ආර්ථිකයෙ පවත්නා ආර්ථික විචල්‍යන්ද ව්‍යාපාර කෙරෙහි තර්ජන මෙන්ම අවස්ථා ද උදා කරයිග පොලි අනුපාත ආදායම්  බෙදි යාම උද්ධමනය රජයෙ ආර්ථික ප‍්‍රථිපත්ති ලොක වෙලදපොල මිලගනන්  ව්‍යාපාර කටයුතු සදහා ප‍්‍රබල බලපැමක් ඇති කරයි මෙම සියලූ ආර්ථික විචලයන් පිලිබදව අවධානය යොමුකිරිමෙන් ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදුකල හැකියග

තාක්‍ෂණික පරිසරය
       විද්‍යාත්මක නව සොයාගැනිම නිසා ව්‍යාපාර අවස්ථා නිරන්තරයෙන් බිහිවේ වෙනස්වන පරිසරයට අනුගාමිවිමේ හැකියාව ව්‍යාපාරවලට අවශ්‍යවේ කිසියම් කාර්යයක් සදහ බාවිතාකරණ ක‍්‍රමය ශිල්පීය ක‍්‍රමය ලෙස හැදින්වේ මෙම ශිල්පිය  ක‍්‍රමය සදහා නව දැනුම යොදාගැනිම නිසා එය තාක්‍ෂණය බවට පත්වේග මෙය නවීන තාක්‍ෂණය තාක්‍ෂණයේ දියුණුව  නිසා ව්‍යාපාර කටයුතු පහසුවන අතර ඵලදායිතාවය වර්ධනයකල හැකග තාක්‍ෂණයෙ වෙනස්විම සංනිවේදන ප‍්‍රවාහනය වෛද්‍යසේවා යුද්ධායුද වැනි  ශ්‍රේෂ්ත‍්‍ර වලට ප‍්‍රබල ලෙස බලපා ඇත ඒ සදහා උදාහරණ කීපයක් පහත දැක්වේග

1      වෛද්‍යසේවා-විවෘත හදවත් සැත්කම්ලනලදරු උපත්
2      අවිආයුද- න්‍යෂ්ටික අවි නාවික හා ගුවන් යාත‍්‍රා
3      පරිගණක තාක්‍ෂණය- ෂබඑැරබැඑ
4       සංනිවෙදන තාක්‍ෂණය- අන්තර්ජාලය ඊමේල් චන්ද්‍රිකාක‍්‍රම ජංගම දුරකථන
5      නිෂ්පාදන ශ්‍රේෂ්ඨය- රොබෝවරු
6      ඩිජිටල් තාක්‍ෂණය- මුද්‍රණ ශිල්පය
 
 තාක්‍ෂණික වෙනස්විම් නිසා ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ  පවතින භාණ්ඩ හා සේවා වල යල් පැනිම ශිඝ‍්‍රයෙන් සිදුවේග  මේ නිසා  සමහර  ව්‍යාපාර නවතා දැමිමටත් අලූත් ව්‍යාපාර ශේෂ්ඨ පිලිබදව අවධානය යොමු කිරිමටත් සිදුව ඇත තාක්‍ෂණයේ බලපැම  නිසා පාරිභොගිකයින්ට ඔවුන් බලාපොරොත්තු නොවු ආකාරයේ භාණ්ඩ පරිහරණය කිරිමට අවස්ථාව සැලසී ඇතග

ගෝලිය පරිසරය
 තාක්‍ෂණික පරිසරය වෙනස්විමත් සමග ගොලිය පරිසරය නිර්මානය වි තිබේග ආර්ථිකය විද්‍යාත්මව දක්වන්නේනම් ලොකය එකම වෙලද පොලක් බවට පරිවර්තනය වී තිබේග අන්තර් සම්බන්ධතාවය හා අන්තර් බැදියාව නිසා  ව්‍යාපාර කටයුතු සදහා ගොලිය කරණය ප‍්‍ර‍්‍රබල බලපැමක් බවට පත්ව ඇත ග ගොලිය කරණය නිසා රටවල් අතර භාණ්ඩ හා සේවා නිදහස් හුවමාරු වේග  එමෙන්ම පුද්ගලයන් හා රටවල් වල සංස්කෘතින්ද හුවමාරු වීමෙ ප‍්‍රබලතාවයක් මෙය තුල දක්නට ලැබේග ත්‍ගාලිය වෙලදපොල දැඩි තරගකාරිත්වයකින් යුක්තය අලූත් භාණ්ඩ රාශියක් වෙලදපොලට පැමිණ ඇත මෙම තත්වය යටතේ සැම ව්‍යාපාරිකයෙක්ම ගොලිය පරිසරය කෙරෙහි අවධානය යොමුකල යුතුයග 

 ශ.දු.අ.ත. විශ්ලේෂණය
    ව්‍යාපාර පරිසර අධ්‍යනයෙදි කලමණාකරණ සිල්පිය ක‍්‍රමය ලෙස  ශ.දු.අ.ත. විශ්ලේෂණය බාවිතා කරණු ලැබේග ව්‍යාපාරයෙ පරමාර්ථ ලගාකරගැනිම සදහා බලපාන වාසිදායක හා අවාසිදායක අභ්‍යන්තර හා බාහිර සාදක හදුනාගැනිම සදහා මෙම විශ්ලෙෂණය වැදග්වේග ආයතනයෙ පරමාර්ථ පැහැදිලිව හදුනාගෙන ඇති නම් එම පරමාර්ථ ඉටුකර ගැනිමට ඒ සදහා ලූහු බැදයාමට  ශ.දු.අ.ත. විශ්ලේෂණය යොදාගත හැකියග 

1    ශක්තින් -STRENGTHS
2    දුර්වලතා - WEAKNESSES
3    අවස්ථා - OPPORTUNITIES
4    තර්ජන - THETAS 
            
       ශක්තින්    
       ව්‍යාපාරයෙ පරමාර්ථ ලගාකර ගැනිමට උපකාරිවන සංවිධානයෙ ගතිලක්‍ෂණ මිට ඇතුලත්යග
       දුර්වලතා
       ව්‍යාපාරයේ පරමාර්ථ ලගාකරගැනිමෙදි බාදාකාරිවන ලක්‍ෂණ මිට ඇතුලත්යග
       අවස්ථා
       පරමාර්ථ ලගාකරගැනිමෙදි උපකාරිවන බාහිර සාදක
      තර්ජන
      පරමාර්ථ ලගාකරගැනිමෙදි බාධාකරිවන සාදක

    ශ.දු.අ.ත. විශ්ලේෂණයදි යොදාගන්නා සාදක අතර ප‍්‍රධාන කොටස් 2 යටතේ වර්ග කෙරේග

1  අභ්‍යන්තර සාධක

 ශක්තින් දුර්වලතා අභ්‍යන්තර සාධක ලෙෂ සැලකේ නිෂ්පාදන මුල්‍ය සෙවක අලොවි යන හැකියාවන් මෙහා සම්බන්ධ වේග ශක්තින් හා දුර්වලතා පිලිබදව අවධානය යෙමු  කිරිමෙදි පහත සදහන් කරුණු පිලිබදව අවධානය යෙමු කල හැකිය.

1     ව්‍යාපාරය සතුව සම්පත්  ඇති නැති බව.
2     තාක්‍ෂණය හො ස්ථානයේ අයිත්ය නිසා ලැබෙන වාසි හො අවාසි.
3     නිර්මාන හැකියාව හො නොහැකියාව.
4    අස්පෘශ්‍ය වත්කම් බුද්ධිමය ප‍්‍රාග්ධනය සහිත හො රහිත බව.
5    තරගයට මුහුණ දීමෙ ශක්තිය තිබේද නැද්ද.
6    දක්ෂතා සහිත සෙවක කන්ඩායමක් සිටිද නැද්ද.


2 බාහිර සාධක

             ව්‍යාපාරයක බාහිර පරිසරය විශ්ලේෂණය කිරිමෙන් අවස්ථා සහ තර්ජන හදුනාගත හැකිය මේ යටතේ සාර්ව ආර්ථිකයෙ වෙනස්විම තාක්‍ෂණික වෙනස්විම දෙෂපාලන හානෛතික වෙනස්විම සමාජ හා සංස්කෘතික වෙනස්විම තරගකාරිත්වයෙ වෙනස්විම වෙලදපොල බලවෙගවල වෙනස්විම පිලිබද සලකා බලනු ලැබේග භාහිර පරිසර සාදක විශ්ලේෂණය කිරිමෙන්  හදුනා ගන්නා ව්‍යාපාර අවස්ථා වලින් උපරිම ප‍්‍රයොජන ගැනිමත් තර්ජන වලට මුහුණදිම සදහා විවිධ ක‍්‍රම උපයොගිකර ගැනිම කෙරෙහි අවධානය යොමුකල යුතුයග මෙ සදහා පහත සදහන් කරුණු කෙරෙහි සැලකිලිමත් ව්‍යයුතුය.

1    තරගකරුවන් අඩුද වැඩිද
2    වෙලදපොල උපනතින් හිතකරද අහිතකරද
3    ආර්ථික තත්වය යහපත්ද අයහපත්ද
4    තාක්‍ෂණයේ වෙනස්විම් කවර ආකාරද
5    ඇල්ම ඇති පාර්ශවයේ අපේක්ෂා කවර ආකාරද
6    ජනතා අපෙක්ෂා කෙබදුද
7    පරිසර කන්ඩායම් වැනි බාහිර බලවෙග කෙබදුද

  ශ.දු.අ.ත. විශ්ලේෂණය තවදුරටත්  විග‍්‍රහකල හැකි  ආකාරයකී
    ඊහත දැක්වු අභ්‍යන්තර හා බාහිර සාදක 4 උපයොගි තරගෙන ව්‍යාපාර ආයතනයක් තුල පැවතිය හැකි තත්වයන් 4 ඉදිරිපත් කල හැකිය.


 

No comments:

Post a Comment